උතුරු පළාතේ ලංගම ඩිපෝවල සේවකයෝ අද 02දා ආරම්භ කර ඇති වර්ජනය හේතුවෙන් පළාතේ මගීහු ගැටලු රැසකට මුහුණදී සිටිති.
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් වවුනියාව ලංගම ඩිපෝවේ බස්රථ රියදුරන් හා සේවකයන් ආරම්භ කර ඇති වැඩ වර්ජනයට සහාය දක්වමින් ඔවුහු මෙසේ වර්ජනයේ නිරත වී සිටිති.
වවුනියාව නව බස්නැවතුම්පොළේ හා පරණ බස් නැවතුම්පොළේ මතභේදයක් හා පෞද්ගලික හා ලංගම බස්රථයක ඇතිවූ ගැටුමකුත් වවුනියාව ලංගම ඩිපෝ කළමනාකාර වරයාගේ ක්රියාකලාපය ඇතුළු කාරණා කිහිපයක් මුල් කරගනිමින් වවුනියාව ඩිපෝවේ සේවකයන් මෙම වැඩ වර්ජනය දියත් කොට ඇත.