උතුරේ නැවත පදංචි කිරීම්වලදී කැලෑ කැපීම් සම්පූර්ණයෙන් නතර කළ යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ඊයේ (07දා) වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යාංශයේ වැය ශීර්ෂය යටතේ විවාදයට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
එසේම පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් සියල්ලන්ටම උතුරු හා නැගෙනහිර ප්‍රදේශයේ සංචාරයක නිරතව පරිසර දූෂණය පිළිබඳව සොයා බලන ලෙසද ජනාධිපතිවරයා ඉල්ලීමක් කළේය.
ඒ සඳහා ප්‍රවාහන පහසුකම් ලබාදීමට තමා සූදානම් බවත්, ඉදිරි සතිය තුළ අදාළ නිලධාරීන් සහ ජනාධිපතිවරයාගේ නියෝජිතයන් සමග එම ප්‍රදේශ වෙත ගොස් නිරීක්ෂණ වාර්තාවක් තමාට ලබාදෙන ලෙසද ජනාධිපතිවරයා පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලීමක් කළේය.
නීතිවිරෝධී ලෙස පරිසර දූෂණයේ නිරත වන්නන්ට පක්ෂ පාට භේදයෙන් තොරව තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.