දඹූල්ල ආර්ථික වෙළඳ මධ්‍යස්ථානයේ එලවළු මිල ගණන් ඉහල යාමත්, උතුරේ එළවළු වගාවන් විනාශ වීමත් හේතුවෙන් උතුරේ එළවළු මිල ගණන් සීඝ්රයෙන් වැඩී වී ඇති බව වව්නියාවේ එළවළු වෙළෙන්දෝ කියති.
මාස දෙකකට අධික කාලයක් උතුරට ධාරාණිපාත වර්ෂාවන් ඇද හැලීම හේතුවෙන් උතුරේ වැඩි වශයෙන්ම එළවළු වගා කෙරෙන ප්‍රදේශ වන වව්නියාව , කිලිනොච්චි හා යාපනය යන දිස්ත්රීකයන්හි එළවළු වගාව විනාශ වී තිබේ.
උතුරේ අමුමිරිස් කිලෝ ග්‍රෑමයක් අලෙවි වන්නේ රුපයල් 1500 - 1600ත් අතර මිලකටය.
එළවලු කිලෝවක මිල ගණන්
තොග මිල සිල්ලර මිල
අමුමිරිස් කිලෝවක් රුපියල් 1300- 1400 1500-1600
මාල්මිරිස් 750-800 900-1000
බෝංච් 450-550- 600-700
වම්බටු 250-300 350-400
බණ්ඩක්කා 350-400 450 -500
මෑකරල් 360-400 400-450
කැරට් 300-350 380 -400
වට්ටක්කා 250-300 350- 380