උතුරු මැද පළාත් මහ ඇමති ධුරයේ තමන් දිවුරුම් දෙන බව හිටපු උතුරු මැද පළාත් සමූපකාර, ආහාර, ග්‍රාම සංවර්ධන සහ සංචාරක අමාත්‍ය පේෂල ජයරත්න බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි.
උතුරු මැද පළාත් සභාව තුළ සිටින මන්ත්‍රීවරුන් 33 දෙනාගෙන් 31 දෙනෙකු ලිඛිත ලෙස තමන් මහ ඇමති බවට පත්කරන්නැයි ඉල්ලා ලිපි ලබා දී තිබෙන බවත්, නව ආණ්ඩුකාරවරයෙකු පත් වූ වහාම මහ ඇමති ධුරය තමන්ට හිමිවන බවත් පේෂල ජයරත්න මහතා අද (21දා) ප්‍රකාශ කළේය.