උතුරු මැද පළාත් සභාවේ මහ ඇමැති එස්. එම් රංජිත් මහතා ඇතුළු ආණ්ඩු පක්ෂයේ සියලු මන්ත්‍රීවරු නව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය පළ කිරීමට තීරණය කර තිබේ.
ඒ අනුව ජනපතිවරණ සමයේ එක්සත් ජාතික පක්ෂයේ සිට එවකට පැවැති සන්ධාන රජයට එක්වූ වු විපක්ෂ නායක කින්ස් නෙල්සන් මහතාද නව ජනපතිට සහාය දෙනු ඇත.
උතුරුමැද පළාත් සභාවේ මන්ත්‍රී සංඛ්‍යාව 33 ක් වූ අතර එයින් මන්ත්‍රීවරු 21 දෙනෙක් සන්ධානයට අයත් වුහ.
විපක්ෂයට හිමිව තිබුණේ මන්ත්‍රී ධුර 13කි. එහෙත් බදාදා (14දා) වන විට විපක්ෂයට මන්ත්‍රිධුර 19ක බලයක් හිමි වී තිබිණි.