මහජන සෞඛ්‍ය පරික්ෂකවරයෙකුගේ විනය විරෝධී හා අත්තනෝමතික ක්‍රියාවලට විරෝධය පළකරමින් උතුරු මැද පළාතේ සියලුම රජයේ රෝහල්වල වෛද්‍යවරුන් අද (17දා) උදෑසන 08.00 සිට හෙට (18දා) උදෑසන 08.00 දක්වා සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සේවය කරන මහජන සෞඛ්‍ය පරික්ෂකවරයෙකු විසින් දීර්ඝ කාලයක් තිස්සේ විනය විරෝධී හා අත්තනෝමතික ලෙස රාජකාරි කටයුතු කිරීම හේතුවෙන් රජයේ වෛද්‍යවරුන් විසින් මෙම සංකේත වැඩ වර්ජනය ආරම්භ කර තිබේ. එහෙත් සියලුම අත්‍යවශ්‍ය හදිසි සේවා සියල්ල යථා තත්ත්වයෙන් කරගෙන යෑමටද වෛද්‍යවරු කටයුතු කරති.
අනුරාධපුර බී.පී. චතුරංග