උතුරු මැද පළාත් සභාවේ හා දකුණු පළාත් සභාවේ අද (8දා) පැවැති රැස්වීම්වලදී උණුසුම්කාරී තත්ත්ව ඇතිවිය. උතුරු මැද නව සභාපති ඩි.එම්.අමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මුල් මාසික රැස්විම විනාඩි 45කින් අවසන් විය. එහිදී අඩ දබර, හූ හඩා හා ගිනි තැබීම්ද වාර්තා විය.
පෙරවරු 10 ට ආරම්වු මාසික රැස්වීමේ දී පළාත් සභා මන්ත්‍රි කේ.එච්.නන්දසේන මහතා කියා සිටියේ පසුගිය ජුලි 08 වැනි දා පැවැති සභාව හිටපු සභාපතිවරයා විසින් කල් තැබිමෙන් පසුව නිති විරෝධි ආකාරයට විපක්ෂයේ මන්ත්‍රිවරු යළි සභාව පවත්වා නිති විරෝධි ලෙස සභාපතිවරයකු පත්කර ගැනිම නිති විරෝධි බවයි.
ඒකාබද්ධයේ මන්ත්‍රිවරු කළු පටි බැඳ සිය විරෝධය දැක්වු අතර පසුව ඔවුන් මෙදින න්‍යාය පත්‍රයට ද ගිනිතබා සභාවෙන් පෙ.ව. 10.20 පිටව ගියහ.
මේ අතර සමෘද්ධි දීමනාව කැපීම සම්බන්ධයෙන් වරප්‍රසාද ප්‍රශ්නයක් නඟමින් දකුණු පළාත් සභා එජනිස මන්ත්‍රී සිංහ සමන් කුමාර මහතා විසින් අදහස් දැක්වීමත් සමගින් දකුණු පළාත් සභාව උණුසුම් විය.
සිංහ සමන් මන්ත්‍රීවරයා සමෘද්ධි දීමනාව කපා දැමීම ට යොදා ගන්නා ලද නිර්නායක සම්බන්ධයෙන් දැඩිව විවේචනය කරමින් අදහස් දැක්විය. එහිදී දකුණු පළාත් සභාවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අශොක් ධනවංශ, විපක්ෂ නායක තෙන්නකෝන් නිලමේ යන සහ එජාප මන්ත්‍රීවරුන් විරෝධය දක්වන්නට විය.
මෙහි දී එජාප පාර්ශවයෙන් කියා සිටියේ මෙතෙක් සමෘද්ධි දීමනාව කපා හැරීමක් සිදු නොවී ඇති බවත්, මේ අවස්ථාවේ සිදුකරන්නේ සමීක්ෂණයක් බවත් නැවත අභියාචනා ඉදිරිපත් කර හැකි බවත්ය.
ඒ සමඟින් එජනිස මන්ත්‍රීවරුන් වන චම්ලි විතානාච්චි, ක්‍රිෂාන්ත පුෂ්පකුමාර, ෂම්මු ආරියවංශ, සහ ඒ.ජී. සී පියසිරි යන අය නැගී සිටිමින් අසා සිටියේ එසේ කපා නොදමන්නේ නම් මෙවැනි ලිස්ට් දමා ඇත්තේ ඇයි ද යන්නයි. ඒ සමඟින් සභාව උණුසුම් වු අතර දෙපාර්ශවයෙන්ම අදහස් හුවමාරු විය.
දකුණු පළාත් සභාවේ ඡායාරූප
දකුණ පළාත් සභා වාර්තා - රවීන්ද්‍ර ශ්‍රී ලාල්