උතුරු මැද පළාත් සභාවේ ගැටුම පළාත් සභා දේශපාලනයට මහත් කැළලක් බව දකුණු පළාත් සභා මන්ත්‍රී පසඳ යාපා මහතා සඳහන් කළේය. මේ නිසා පළාත් සභා මන්ත්‍රීවරුන්ට වහාම ආචාරධර්ම පද්ධතියක් සකස් කළ යුතු බවද අද (13දා) කොළඹදී පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු පවසා සිටියේය.
දකුණු පළාත් සභාව තුළ මේ ආකාරයේ ගැටුම් නොමැති බවත්, එම පළාත් සභාව රටට ආදර්ශයක් දෙමින් ජනතා සේවයේ යෙදෙන බවත් හෙතෙම සඳහන් කළේය.