උතුරු මැද ආණ්ඩුකාර ගුවනින් කොළඹට
උතුරුමැද පළාත් ආණ්ඩුකාර පී.බී. දිසානායක මහතා අද (01දා) හදිසියේ රෝගාතුරව වීම හේතුවෙන් අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා ගුවන් මගින් රැගෙන විත් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරිණි.
අද (01දා) දිනට යෙදී තිබූ ලෝක වැඩිහිටි දිනයට සමගාමීව අනුරාධපුර සාලියපුර පිහිටි වැඩිහිටි නිවාසයේ අමාත්‍ය එස්.බී දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති වැඩිහිටි දින ජාතික උත්සවය අමතමින් සිටියදී ඒ මහතා මෙසේ හදිසියේ රෝගාතුර වී තිබේ.
උත්සවය අමතා අවසන් වනවාත් සමගම වේදිකාව මත ඇද වැටී සිහිසුන් වූ උතුරු මැද පළාත් ආණ්ඩුකාරවරයා කඩිනමින් අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කෙරිණි. වෛද්‍ය පරීක්ෂණවලට අනුව ඔහුගේ හිසෙහි අභ්‍යන්තර රුධිර වාහනයක් සිදුවී ඇති බව වෛද්‍යවරුන් නිගමනය කළ අතර, ප්‍රතිකාර සඳහා දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කෙරිණි.
අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය ඩබ්. අතපත්තු මහතාගෙන් මේ සම්බන්ධයෙන් දුරකථනයෙන් කළ විමසීමකදී පවසා සිටියේ, ආණ්ඩුකාරවරයාගේ තත්ත්වය බරපතළ බවයි. හිසෙහි රුධිර නාළයක සිදුවූ අභ්‍යන්තර රුධිර වහනයක් හේතුවෙන් ඒ මහතා රෝගී වී ඇති බවද ඔහු පැවසීය.


.jpg)
තිසර සමල් /අනුරාධපුර බී.ජී. චතුරංග
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

