උතුරු මහ ඇමති සී.වී. විග්නේෂ්වරන් මහතා පසුගියදා කළ ප්‍රකාශය ඔහුගේ පෞද්ගලික ප්‍රකාශයක් පමණක් බවත්, උතුරු මහ ඇමති වගකීමකින් යුතුව කතා කළ යුතු බවත් විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා අද (04දා) පාර්ලිමේන්තුවේදී පැවැසීය.
උතුරු මහ ඇමති විග්නේෂ්වරන් මහතා කළ ප්‍රකාශය පිළිබඳව ආණ්ඩුවේ ස්ථාවරය කුමක්දැයි යන්න පිළිබඳව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා විසින් සභාවට යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හෙතෙම මේ බව පැවසීය.
ද්‍රවිඩ ජාතික සංවිධානය මේ වනවිට ආණ්ඩුව හා සහයෝගයෙන් කටයුතු කරන බවත්, සහජීවනය හා ජාතික සමගිය ගොඩ නැංවීම සඳහා කටයුතු කරන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
ජනතාව පත්කළ මහ ඇමතිවරයෙකු වශයෙන් මෙන්ම හිටපු අගවිනිසුරුවරයෙකු වශයෙන් ඔහු වගකීමකින් කටයුතු කළ යුතු බවද විපක්ෂ නායකවරයා පැවැසීය. එහිදී අදහස් දැක්වූ සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවැසුවේ, උතුරු මහ ඇමති එම ප්‍රකාශය ප්‍රතික්ෂේප කර ඇති බැවින් එය සභාවට අදාළ නොවන බවයි.