උගත් පාඩම් හා ප්රතිසන්ධාන කොමිසමේ නිර්දේශ ක්රියාත්මක කිරීම සඳහා වන ජාතික ක්රියාකාරී සැලැස්මේ ප්රගතිය පිළිබඳ සඳහන් කරමින්, තම රජය උතුරු පළාත් සභාව සමග සැමවිටම සහයෝගයෙන් ක්රියා කරන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසා සිටියේය.
ජනාධිපතිවරයා මෙසේ අදහස් දක්වා සිටියේ මියන්මාරයේ පැවති බිම්ස්ටෙක් නායක සමුළුවේදී ඉන්දීය අගමැති මන්මෝහන් සිං මහතා සමග ඊයේ (4දා) පැවති ද්වීපාර්ශ්වික සාකච්ඡාවකදීය.
රජය සහ උතුරු පළාත් සභාව අතර අන්තර් සහයෝගීතාව පිළිබඳව ඉන්දීය අග්රාමාත්යවරයා විමසූ අවස්ථාවේදී ජනාධිපතිවරයා පවසා සිටියේ සිය රජය උතුරු පළාත් සභාව සමග සැමවිටම සහයෝගයෙන් ක්රියාකරන බවය.