උතුරු පළාත් ප්‍රධාන ලේකම් විජය ලෙච්චමි මහත්මියට ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන්ගේ පාර්ශ්වයෙන් මරණීය තර්ජන එල්ල කරන බව සඳහන් කරමින් ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයට පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබේ.
දේශීය හා ජාත්‍යන්තර දුරකථනවලින් මෙම තර්ජන එල්ල වී තිබුණු බව එම සංගමයේ සභාපති කමල් පද්මසිරි මහතා පැවසීය.
උතුරැ පළාත් සභාවට ජනාධිපතිවරයා පත්කරන ලද සියලු නිලධාරීන්ට ඉවත්වන්නැයි විග්නේශ්වරන් මහ ඇමතිවරයා දන්වා ඇතැයිද ඒ මහතා සඳහන් කළේය.
මේ පිළිබඳව ජනාධිපතිවරයාද දැනුම්වත් කළ බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.