උතුරු පළාත් කෘෂිකර්ම,ගොවිජන සේවා,සත්ත්ව පාලන,වාරිමාර්ග,ජල සම්පාදන,ආහාර සැපයුම් හා බෙදාහැරීම්,පරිසර සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය පොන්නතුරෙයි අයින්ගරනේෂන් මහතා උතුරු පළාත් වැඩබලන ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් අද(03දා) දිවුරුම් දුන්නේය.
උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශ්වරන් මහතා කැනඩාවේ විදෙස් සංචාරයක බලා පිටත්වූ බැවින් ඒ සදහා ඇතිවන පුරප්පාඩුව පිරවීම සදහා වැඩ බලන උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් හෙතෙම උතුරු පළාත් ආණ්ඩුකාරවර රෙජිනෝල්ඩ් කුරේ මහතා ඉදිරියේ දිවුරුම් දෙන ලදී.