13 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් බලතල රැසක් දැනටමත් ලබාදී අවසන්
උතුරු නැගෙනහිර පළාත් සභා සඳහා පොලිස් බලතල බෙදීම පොදු මහජන ප්‍රතිපත්තියක් මත සිදු කළ නොහැකි බව රජය යළිත් වරක් සඳහන් කරයි.
ජාත්‍යන්තර ආරක්ෂක සමුළුව අමතමින් විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසා ඇත්තේ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ බලතල රැසක් ප්‍රමාණවත් ලෙස පළාත් සභාවලට බෙදා ඇති බවයි.
එබැවින් උතුරේ ජනතාව වෙනුවෙන් යමක් කිරීමට කිසිවක් නැතැයි කියා සිටීම මගින් උතුරු පළාත් සභාව කල්මරමින් සිටින බවද ඒ මහතා පෙන්වා දුන්නේය.
විශේෂයෙන්ම පොලිස් බලතල හැර සෙසු සෑම බලයක්ම අවශ්‍ය ප්‍රමාණයකට ලබාදී ඇති බවත්, එබැවින් 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කළ යුතු බවට යළි යළිත් පැවසීම පිළිගත හැකි කරුණක් නොවන බවත්, වඩා ප්‍රා‘යෝගික වන්නේ පවතින දේ භාවිත කරමින් නිර්මාණශීලීව යමක් කිරීම බවත් විදේශ අමාත්‍යවරයා පවසා සිටියේය.