වවුනියාව ප්‍රදේශයේ සිංහල පාසලක පැවති උත්සවයක් සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගීවූ උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍ය එස්. සර්වේශ්වරන් මහතා එම උත්සව අවස්ථාවේදී ජාතික කොඩිය එසවීම ප්‍රතික්ෂේප කර තිබේ.
වවුනියාව ප්‍රදේශයේ අධ්‍යාපනය ලබන පාසල් සිසු සිසුවියන් අතරින් තෝරාගත් සිසු සිසුවියන් පිරිසකට පාපැදි බෙදාදීමේ වැඩසටහනක් වවුනියාව ඊරට්ටපෙරියකුලම පැරකුම් මහා විද්‍යාලයේදී පෙරේදා (15දා) පැවැත් වූ අවස්ථාවේදී මෙම සිදුවීම සිදුව ඇත.
පළාත් අධ්‍යාපන අමාත්‍ය සර්වේශ්වරන් මහතා, වවුනියාව කලාප අධ්‍යාපන අධ්යක්ෂවරයා ඇතුළු ආරාධිත අමුත්තන් පාසලට පැමිණි අතර තූර්යය වාදක කණ්ඩායම් විසින් පිරිස උණුසුම් ලෙස පිළිගෙන තිබේ.
අනතුරුව ජාතික කොඩිය ඔසවා ජාතික ගීය ගායනා කිරීමේ අවස්ථාව පැමිණ ඇති අතර එහිදී ජාතික කොඩිය එසවීම සඳහා පළාත් අධ්‍යාපන අමාත්‍යවරයා වෙත කීප අවස්ථාවකදීම වැඩසටහන් සංවිධායකවරු ආරාධනා කළ අතර ඔහු විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
ජාතික කොඩිය එසවීමට ප්‍රතික්ෂේප කිරීමෙන් අපහසුතාවටපත් සංවිධායකවරුන් පිරිස සාකච්ඡා කොට එම අවස්ථාවට පැමිණි සෙසු ආරාධිතයින් හා විදුහල්පතිවරයා විසින් ජාතික කොඩිය එසවීමට කටයුතු කරනු ලැබීමෙන් අනතුරුව උත්සවය ආරම්භ කර තිබේ.