උතුරු පළාත් වැඩ බලන ප්‍රධාන ඇමති වශයෙන් උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය කන්දයියා සර්වේස්වරන් මහතා අද (11දා) උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී ආණ්ඩුකාර රෙජිනොල්ඩ් කුරේ මහතා ඉදිරියේදී දිවුරුම් දුන්නේය.
කන්දයියා සර්වේස්වරන් මහතා උතුරු පළාතේ වැඩ බලන මහ ඇමතිවරයා වශයෙන් දිවුරුම් දුන්නේ ඊයේ (10දා) උතුරු පළාත් ප්‍රධාන ඇමති වූ සී.වී.විග්නේශවරන් මහතා දින 14කට ඉන්දියාවේ සංචාරයක නිරත වීම හේතුවෙනි.
වැඩ බලන ප්‍රධාන අමාත්‍යවරයා දිවුරුම් දීමේ අවස්ථාවට ආණ්ඩුකාර ලේකම් එල්. ඉලංකෝවන්, ආණ්ඩුකාර සම්බන්ධීකරණ ලේකම් නිශාන්ත අල්විස්, ආණ්ඩුකාර පෞද්ගලික ලේකම් ජෙ.එම්.සෝමසිරි යන මහත්වරු සහභාගි වී සිටියහ.