උත්සව සමයට විශේෂ ආරක්ෂාවක්
උත්සව සමය නිමිති කරගෙන රට පුරා ක්‍රියාත්මක විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළ යටතේ බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් වැඩි කළ බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
මීට අමතරව උත්සව සමයේදී කොළඹ නගරයට පැමිණෙන ජනතාවගේ ආරක්ෂාවට කොළඹ නගරය තුළ පමණක් වැඩිපුර පොලිස් නිලධාරින් 600 ක් යෙදවූ බවත්, එම පිරිස නිල ඇඳුමින් සහ සාමාන්‍ය ඇඳුමින් සැරසී පැය 24 පුරාම රාජකාරි කටයුතු කරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී නීතීඥ රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.
කොළඹ නගරයට අමතරව අනෙකුත් නගරවලද විශේෂිත ආරක්ෂිත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබෙන බවත්, ජනතාවද සෑම විටම තමන්ගේ දරුවන් සහ තමන් සතු බඩු බාහිරාදිය ගැන හොඳ අවධානයකින් කටයුතු කළ යුතු බවත් ඔහු කීය. එමෙන්ම යතුරු පැදි, පාපැදි වැනි සාමාන්‍ය වාහන නවතා තැබීමේදී ආරක්ෂිත ක්‍රමවේද භාවිතා කරන ලෙසද ඒ මහතා දන්වා සිටියේය.
ජනතාවට යම් අකටයුත්තක් සිදුවුවහොත් ඒ පිළිබඳව ළඟම සිටින පොලිස් නිලධාරීන් දැනුවත් කරන ලෙසත්, එසේ නොමැති නම් 119 දුරකථන අංකය ඔස්සේ පොලීසිය දැනුවත් කරන ලෙසත් මාධ්‍ය ප්‍රකාශකවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියි.
විනෝද චාරිකා යනවිට මත්පැනින් වැළකී යන ලෙසත්, මීට අමතරව ජල මූලාශ භාවිත කිරීමේදී ජීවිතාරක්ෂක නිලධාරීන් සිටින ස්ථාන පමණක් භාවිතයට ගන්නා ලෙසත් රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
