කොළඹ සිට යාපනය කන්කසංතුරෙයි දක්වා ධාවනය වූ උත්තරදේවී දුම්රියට ඊයේ (20දා) රාත්රියේදී චුන්නාගම් ප්රදේශයේදී කිසිවෙකු විසින් ගල් ප්රහාරයක් එල්ල කොට ඇතයි චුන්නාගම් පොලීසිය පවසයි.
චුන්නාගම් දුම්රිය ස්ථානයට කිලෝමීටර් භාගයක් පමණ ආසන්නයේදී මෙම ගල් ප්රහාරය එල්ල වූ බවට දුම්රියේ රියදුරු විසින් චුන්නාගම් පොලීසියට පවසා තිබුණි.
අදාළ ප්රහාරය එල්ල වූ අවස්ථාවේදීම චුන්නාගම් පොලීසිය විසින් එම ස්ථානය සෝදිසි කලද කිසිවෙකු අත්අඩංගුවට ගැනීමට නොහැකි වී ඇත. ගල් ප්රහාරය එල්ල වීමෙන් දුම්රියේ ගමන්ගත් කිසිවෙකුටත් හානියක් නොවුනද දුම්රියට සුළු හානි සිදුව ඇති බව චුන්නාගම් පොලීසිය පවසයි.