උඩරටට වැඩි සංචාරක ආකර්ශනයක්
වසර අවසාන නිවාඩු කාලය නිමවෙමින් පැවතියදී පසුගිය 20 වැනිදා සිට උඩරට කඳුකරයේ සිරි නැරඹීමට පැමිණෙන දෙස් - විදෙස් සංචාරකයන්ගෙන් නුවරඑළිය, හක්ගල, හෝර්ටන්තැන්න, ලෝකාන්තය, හපුතලේ, බණ්ඩාරවෙල හා රාවණාඇල්ල ප්‍රදේශ දෙස් - විදෙස් සංචාරකයන්ගෙන් පීරී ඉතිරි යමින් පවතියි.
මේ අනුව පසුගිය නත්තල් උත්සව දිනයේදී මෙම ප්‍රදේශ සංචාරකයන් විශාල පිරිසක් දැකිය හැකිව තිබු අතර, මෙම හේතුවෙන් නුවරඑළිය, වැලිමඩ, හපුතලේ හා බණ්ඩාරවෙල නගරවල හා මාර්ගවල දැඩි වාහන තදබදයක් ඇතිව තිබිණ.
මෙම දෙස් විදෙස් සංචාරක ප්‍රවර්ධනය පිළිබඳව සංචාරක මග පෙන්වන්නන් කිහිප දෙනෙකුගෙන් අප කල විමසීමකදී හෙළිවූයේ, වෙනත් වසරවලදී මෙම ප්‍රදේශවලට පවතින අධික වැසි සහිත කාලගුණ තත්ත්වයන් මාර්ග ලිස්සන සුළු භාවයන් හා නායයාමේ අවදානම් නිවේදන නිකුත් කිරීම් මෙම වසරේ නොපැවති නිසා සංචාරකයන්ට සිත් සේ උඩරට කඳුකර සිරි අත්විඳගැනීමටත් පැහැදිලිව අවශ්‍ය ස්ථාන සේයා රූ හා වීඩියෝගත කරගැනීමට හැකිවීම නිසා දිනෙන් දින උඩරට කඳුකරයට සංචාරකයන් පැමිණෙමින් සිටින බවයි.

ඌවපරණගම - අර්නි දඹදෙනිය
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

