කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වෙමින් තිබූ රාත්රී තැපැල් දුම්රිය ඇල්ල සහ දෙමෝදර දුම්රිය ස්ථාන අතර පිහිටි ආරුක්කු 9 පාලම අසලදී අද (22දා) උදේ 6.45ට පමණ පීලි පැනීමකට ලක්ව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි .
මේ නිසා බදුල්ල සිට කොළඹ කොටුව බලා අද (22දා) උදෑසන ගමන් ඇරඹූ උඩරට මැණිකේ දුම්රිය එම ස්ථානයෙන් ආපසු බදුල්ල දක්වා ගමන් කරවීමට සැලැස් වූ බවත්, පීලි පැනීමට ලක්වූ දුම්රියේ මගීන්ද එම දුම්රියෙන් බදුල්ලට ප්රවාහනය කිරීමට කටයුතු යෙදූ බවත් දුම්රිය ප්රකාශකයෙක් පැවැසීය.