උක් වගා කරන ගොවීහු ලක්ෂයක් අසරණ භාවයට
සීනි සකස් කිරීමට ගන්නා උක් දඬු ටොන් එකක් මිලදී ගන්නා මුදල උක් ටොන් එකක් සකස් කිරීමටත් වියදම් වීම නිසා උක් වගා කටයුතු සිදුකරන ගොවීන් ලක්ෂයකට අධික ප්රමාණයක් දැඩි අසරණ තත්ත්වයකට ලක්ව තිබෙන බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය සඳහන් කරයි.
උක් ටොන් එකක් මිලදී ගැනීමේ මිල වසර ගණනාවකින් ඉහළ ගොස් නොමැති නමුත් උක්වලින් සකස් කරන සීනි හා අරක්කු මිල ශීඝ්රයෙන් ඉහළ ගොස් තිබෙන බවද එම සංවිධානයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා සඳහන් කළේය.
උක් ටොන් එකක් මිලදී ගැනීමේ උපරිම මිල රුපියල් හාරදහස් පන්සියයක් බවත්, වර්තමානයේ පවතින ආර්ථික තත්ත්වය හමුවේ උක් ටොන් එකක් සකස් කිරීම සඳහා රුපියල් 4500ත් 4700ක් අතර මුදලක් වැය වන බවද පවසා සිටියේය.
උක් වගාකරුවෙකු ඵලදාව ලබාගැනීම සඳහා උක් පැළ සිටුවා මාස 06ක් බලාසිටීමට සිදුවන බවත්, මේ නිසා උක් ගොවීන්ට තම ජීවිකාව ඉදිරියට ගෙනයාමට නොහැකි තත්ත්වයක් උදාවී තිබෙන බවද හෙතෙම සඳහන් කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

