උතුරු කොරියාව තවත් බැලස්ටික් මිසයිල අත්හදා බැලීමක් අද (12දා) දිනයේදී සිදුකර තිබේ.
ඇමෙරිකාවේ නව ජනාධිපතිවරයා ලෙස ඩොනල්ඩ් ට්රම්ප් බලයට පත්වීමෙන් පසුව උතුරු කොරියාව සිදුකළ ප්රථම මිසයිල අත්හදා බැලීම ලෙස මෙය සැලකෙයි.
මෙම මිසයිල අත්හදා බැලීමත් සමග, ජපාන අග්රාමාත්ය ෂින්සෝ අබේ වෙත ට්රම්ප් පවසා සිටියේ ඇමෙරිකාව ජපානය සමග 100% ක් සිටින බවත්, ජපානය ඇමෙරිකාවේ කුළුපග මිතුරෙකු බවත්ය.
මෙම මිසයිලය කිලෝ මීටර් 500ක පමණ දුරක් ජපාන මුහුද වෙත ගමන් කළ බව දකුණු කොරියානු බලධාරීහු පවසති.
මෙම සිදුවීම කිසිසේත්ම නොඉවසිය හැකි තත්ත්වයක් බව ජපාන අගමැති ෂින්සෝ අබේ පවසා සිටියත්, මෙම මිසයිලය ජපාන මුහුද වෙත නොපැමිණි බව ජපාන බලධාරීහු අවධාරණය කළහ.