තමා කිසි දිනක ඊළාම් ඉල්ලීම් වෙනුවෙන් සහයෝගය දක්වා නොමැති බවත් ඒකීය ශ්‍රී ලංකාවක් තුළ ජනවාර්ගික ප්රශ්නය සඳහා විසඳුමක් සෙවිය යුතු අතර එම ස්ථාවරය කිසිදුවිට වෙනස් නොවන බවත්, කාන්තා කටයුතු නියෝජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය සඳහන් කරයි. තත්ත්වය එසේ තිබියදී තමා පිළිබඳ පදනම් විරහිත බොරු ප්‍රචාර පැතිරවීම තරයේම හෙළාදකින බව අමාත්‍යවරිය නිවේදනයක් නිකුත්කරමින් පවසයි.
දකුණේ මැතිවරණ ව්‍යාපාරයට හානි කිරීමේ අරමුණින් දමිළ නිජභූමි සිතියම සහ අපේක්ෂයෙකුගේ රුව දැක්වෙන ලෙස ව්‍යාජ ලෙස සැකසූ ශ්‍රී ලංකා සිතියමක් ඉදිරිපත් කරමින් ඇති බවත්, සිංහල ජන හදවත් තුළ වාර්ගික අසමගිය ඇති කිරීමේ අරමුණින් මෙය සිදුකරන බවත් එම නිවේදනයේ සඳහන් වේ.