ඊසි කෑෂ් මගින් රුපියල් 1,176,000ක මුදලක් වංචා කළ කල්ලියක් අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. ගල්කිස්ස විශේෂ අපරාධ විමර්ශන අංශයට ලැබුණ පැමිණිල්ලක් මත ඊයේ (4 දා) එම කල්ලිය අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
මෙම කල්ලිය විසින් ජංගම දුරකථන ආයතනයක් මගින් පවත්වන ලද තරගයකින් ජයගත් බව පවසා මෙම මූල්‍ය වංචාව සිදුකර ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ. අත්අඩංගුවට ගත් පිරිස අතර සැකකරුවන් දෙදෙනෙකු හා එක් සැකකාරියක් සිටින බව ගල්කිස්ස පොලීසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වැල්ලම්පිටිය, කොලොන්නාව, මාවනැල්ල ප්‍රදේශවල පදිංචිකරුවන් වෙයි. සිදුවීම පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු ගල්කිස්ස විශේෂ අපරාධ විමර්ශන අංශය මඟින් සිදුකරයි.