ඊජිප්තුවේ සිනායි පළාතේ මුස්ලිම් පල්ලියක් වෙත එල්ල වූ ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරය ශ්‍රී ලංකාව රජය දැඩිව හෙළා දකින බව නිවේදනයක් නිකුත් කරමින් විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
යාඥා කරමින් සිටින සිවිල් වැසියන් පිරිසක් වෙත ප්‍රහාරයක් එල්ල කිරීම වචනයෙන් විස්තර කළ නොහැකි ම්ලේච්ඡත්වයක් බවත් එම නිවේදනයේ දැක්වෙයි.
ශ්‍රී ලංකා රජය සහ ජනතාව මෙම ප්‍රහාරයෙන් විපතට පත්වූවන්ගේ පවුල් වෙත සිය බලවත් කනගාටුව ප්‍රකාශ කරන අතර, තුවාල ලැබූවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන බවද කියයි.
ඊජිප්තුවේ ජාතික ශෝක කාලයක් ලෙස සැලකෙන මේ අවස්ථාවේදී එරට රජය සමග එක්සත්ව කටයුතු කරන බවත්, සෑම ආකාරයකින්ම මතුවන ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීම සඳහා එක්වන ලෙස ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලා සිටින බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.