මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ ඇද හැළෙන අධික වර්ෂාවත් සමග ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කර ඇත.
එම ප්‍රදේශයට තවදුරටත් වැසි ලැබෙමින් පවතින නිසා ජලාශ වේල්ලේ සෙසු වාන් දොරටු ස්වයංක්‍රියව විවෘත වන බැවින් වේල්ලට පහළින් කොත්මලාඔය දෙපස පදිංචිකරුවන් සැලකිලිමත්ව සිටින ලෙසද විදුලි බලාගාර ඉංජිනේරුවන් ජනතාවගෙන් ඉල්ලා සිටියි.
එමෙන්ම නුවරඑළිය - හැටන් ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිපයකම පස්කඳු කඩාවැටීම හේතුවෙන් එම මාර්ගවල වාහන ධාවනය කිරිමේදි සැලකිලිමත් වන ලෙසද සෙමින් රිය ධාවනය කරවන ලෙසද පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.