ජනතා හඩට ඇහුම්කන්දී අයවැයට සංශෝධන ඉදිරිපත්කිරීමට කටයුතු කිරීම පිළිබදව තමා අගමැතිවරයාට ස්තුතිවන්ත වන බවත් මුදල් අමාත්‍යවරයා මෙවර ඉදිරිපත්කර ඇත්තේ ඉතිහාසගත අයවැයක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද(19) පාර්ලිමේන්තුවේදී පැවසීය.
එමෙන්ම අයවැයේ වෙනස්වී ඇත්තේ මොනවාද වෙනස් නොවුයේ මොනවාද කියා පැහැදිලි කරන ලෙස ඉස්සර ඉහලින් ගිය තමා දැන් පහලින් යන නිසා සිදුවන සියල්ල පැහැදිලිව පෙනෙන බවද ප්‍රකාශ කළේය.
මෙම තත්වය ප්‍රජාත්‍රන්තවාදයද නොඑසේනම් නොහැකියාවද යන්න පිළිබඳව තමාට ගැටළු සහගත බවත් අයවැයෙන් වැඩිකර පසුව ජනතා හඩට ඇහුම්කන් දුන් බව පවසමින් ඒවා අඩුකිරීම ඉතා හොද ක්‍රමවේදයක් වන අතර වත්මන් ආණ්ඩුන ගෙන ආ මෙම ක්‍රමවේදය පිළිබඳ තාමාද අවධානය කරනබව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
වසර තිහක් පුරාවට පැවති යුද්ධය අවසන් කිරීමට තමාට හැකිවු අතර අද ඇතැමුන් එවන්නක් සිදුනොවු බව පවසමින් කටයුතු කරන බවද තමා යුද්ධ කළේ ප්රභාකරන්ට විරුද්ධව මිස දෙමළ ජනතාවට විරුද්ධව නොවන බව රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.
රජය සතු විශාල ලෙස ලාභලබන ආයතව විකිණීමට රජය කටයුතු කරන අතර ඉදිරි වර්ෂයේ ආණ්ඩු ජීවත්වීමට උත්සහකරන්නේ විකුණා කෑමෙන් බවත් මහින්ද මහතා කීය.
වත්මන් ආණ්ඩුවේ සියල්ලන්ම තුළම නෑ, බැහැ කියන වචන ඇසෙන අතර එසේ නොවී පුළුවන් යව ධනාත්මක චින්තනයෙන් යුතුව කටයුතු කරන ලෙස හෙතෙම ආණ්ඩුවෙන් ඉල්ලාසිටියේය.
පාසල් නිළ ඇදුම වෙනුවට වවුචර් ලබාදීම තුළ පාසල් ළමුන් දැඩිලෙස අපහසුතාවයට ලක්ව ඇති අතර එලෙස ලබාදෙන මුදල් ඔවුන්ට රෙදි මිලදී ගැනීමට ප්‍රමාණවත් නොවන බවත් ඉස්සර උඩින් ගිය තමාට දැන් පහලින් යන නිසා මේසියල්ල හොදින් පෙනෙන බවත් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා පැවසීය.
වත්මන් ආණ්ඩුව බොරතෙල් බැරලයක් පැවතුණේ ඩොලර් 60 කට පමණ වන අතර මේවනවිට එය ඩොලර් 30 පමණ අඩුවී ඇති බැවින් ලබන විශාල සහනය ජනතාවට ලබාදෙන ලෙසද හෙතෙම ආණ්ඩුවෙන් ඉල්ලාසිටියේය.
මෙම අයවැය තුළින් වත්මන් ජනාධිපතිවරයාට අයත් ආයතන තුළ බදු වැඩිකර ඇතිබවත් දක්නට ඇති අතර එය සිතාමතා කළ දෙයක්දැයි තමා නොදන්නා අතර කවුරු විරැද්ධ උවද මුදල් අමාත්‍යධුරයේ රවී කරුණානායක මහතා සිටිය යුතුම යැයිද රාජපක්ෂ මහතා අවධාරණය කළේය.
මහින්ද රාජපක්ෂ මහතා සිය කථාව පවත්වන අවස්ථාවේ බන්ධුල ගුණවර්ධන මන්ත්‍රීවරයා කථාව පැවැත්වීමට ඔහුට අවස්ථා රැසක උදවුකළ අයුරුද දක්නට ලැබුණි.