ඇමෙරිකාව ප්රමුඛ ඒකාබද්ධ හමුදා විසින් සිදුකරන ගුවන් ප්‍රහාර හේතුවෙන් ISIS ඉස්ලාමීය රාජ්‍යයට මේ වනවිට දැඩි හානි සිදුව ඇති බව ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී පවසයි.
කෙසේ වෙතත් රාජ්‍ය ලේකම්වරයා අනතුරු අඟවා සිටින්නේ මෙවැනි හමුදාමය ක්රියාමාර්ගයකින් පමණක් මෙම අන්තවාදීන් පරාජය කළ නොහැකි බවයි. ඒ සඳහා, අන්තවාදී අදහස්, ඒවාට ලැබෙන අරමුදල් මෙන්ම, ඒ සඳහා කෙරෙන බඳවා ගැනීම් නතර කිරීමට කටයුතු කළ යුතු බවද හෙතෙම අවධාරණය කරයි.
ඒකාබද්ධ සංවිධානයේ නොවන ඉරානය විසින්ද ඉරාකය වෙත ගුවන් ප්‍රහාරයක් එල්ල කළ බවට ඇමෙරිකාව කියා තිබුණු අතර, ඉරානය එම කතාව ප්‍රතික්ෂේප කර තිබුණි.
එහිදී, ගුවන් ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් ඉරානය කිසිදු ඒකාබද්ධ වීමක් සිදු නොකළ බව ඇමෙරිකාව පවසා තිබුණි.
ISIS ඉස්ලාමීය අන්තවාදීන් මේ වනවිට ඉරාකයේ හා සිරියාවේ විශාල කොටසක බලය අල්ලාගෙන සිටින අතර, සුන්නි ඉස්ලාම් දහම ප්‍රචලිත කරන ඔවුන්, අන්‍ය ආගමිකයන් මරා දැමීමට පසුබට නොවෙයි.