තමන්ට ආණ්ඩු පෙරළීමේ අවශ්‍යතාවක් නොවුණු බවත් වෘත්තීය සමිති අරගලය පාවාදුන් බවට චෝදනා එල්ල කරනු ලබන්නේ මොළේ අමාරුකාරයින් පිරිසක් බව රාජ්‍ය,අර්ධ රාජ්‍ය සහ පෞද්ගලික අංශ වෘත්තීය සමිති එකමුතුව පවසයි. 15 වන දිනට යෝජිතව පැවති වැඩවර්ජනය ට හේතුපාදක වූ ඉල්ලීම් ගණනාවක් මේවන විට දිනා ගැනීමට හැකිවී ඇති බවත්, ආණ්ඩුවේ එම වෙනස්කම්වලට ගරු කරන බවත් එම එකමුතුවේ සම කැඳවුම්කරු සමන් රත්නප්‍රිය මහතා අද (18) පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේය. ඉල්ලීම් ගණනාවක් සඳහා ආණ්ඩුව විසින් හිස නවා වැඩකරන ජනයාට සහන අත්කරදී ඇති බවත්, ඉදිරියේදීද ඉල්ලීම් නොලැබුණහොත් අරගල කරන බවත්, ලැබුණු ජයග්‍රහණ සම්බන්ධයෙන් සෑහීමට පත්වී නොලැබුණු ඉල්ලීම් සම්බන්ධයෙන් තවදුරටත් ක්‍රියා කරන බවත් රත්නප්‍රිය මහතා වැඩිදුරටත් කියා ප්‍රකාශකළේය.