ඉරානයේ නිෂ්පාදනය කරන ඖෂධ හා ශල්‍ය උපකරණ ශ්‍රී ලංකාවට ආනයනය කිරිම පිළිබඳව ශ්‍රී ලංකාවේ අවධානය යොමුව තිබේ. 2005 වසරේදි හා 2010 වසරේදි ඉරානයේ ඖෂධ හා ශල්‍ය උපකරණ ශ්‍රී ලංකාවට ආනයනය කිරීම පිළිබඳව ගිවිසුම්ද අත්සන් කර තිබේ.
ඒ අනුව ඖෂධ වර්ග 37ක් හා ශල්‍ය උපකරණ 10ක් ඉරානයෙන් ආනයනය කිරිමට ශ්‍රී ලකාවේ අවධානය යොමුව තිබුණි. මේ පිළිබඳව ශ්‍රී ලංකවේ ඉරාන තානාපති මොහොමඩ් අමිරානි මහතා හා සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අතර සාකච්ඡාවක්ද පවත්වා තිබේ.
ඉරාන ඖෂධ ශ්‍රී ලංකාවට ආනයනය කිරිමේ හැකියාව පිළිබඳව සොයා බැලීමට කටයුතු කරන ලෙස රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ කළමණාකරන අධ්යක්ෂ එම්.එම්.එම්. රූමි මහතාට උපදෙස් දීමටත් අමාත්‍යවරයා කටයුතු කර තිබේ.