ඉරණවිල වසා දැමීම ගැන ඇමෙරිකාව තතු පහදයි
කෙටි තරංග විකාශනයන්ට සවන්දෙන ශ්‍රාවකයන් අඩුවීමත්, කෙටි තරංග සම්ප්‍රේෂණ මධ්‍යස්ථානයක් පවත්වාගෙන යෑමේදී ඉහළ පිරිවැයක් දැරීමට සිදුවීමත් හේතුවෙන් ඉරණවිල මධ්‍යස්ථානය වසා දැමීමට එය පවත්වාගෙන ගිය ගුවන්විදුලි පාලක මණ්ඩලය (BBG) නමැති ස්වාධීන එක්සත් ජනපද ආයතනය තීරණය කර ඇති බව ඇමෙරිකානු තානාපති කාර්යාලය පවසයි.
එහිදී, ඉරණවිල මධ්‍යස්ථානය පවත්වාගෙන ගිය ඉඩම ශ්‍රී ලංකා රජයෙන් බද්දට ලබාගෙන තිබූ බැවින් එය ආපසු රජයට භාරදුන් බවද තානාපති කාර්යාලය පෙන්වා දෙයි.
එනමුදු, ඉරණවිල මධ්‍යස්ථානය ක්‍රියාත්මක වූ කාලය තුළ එක්සත් ජනපද රජය විසින් ඉඩම එළිපෙහෙළි කර, මංමාවත්, ජලපවාහන කානු මෙන්ම වැටවල් හා නවීන කාර්යාල ගොඩනැගිලි ආදිය ඉදිකර ඉරණවිල ඉඩම සංවර්ධනය කළ බවද පවසා සිටියි. පොදු පහසුකම්වලට සබඳතා මෙන්ම, මෙගාවොට් 4-2ක විදුලි ජනකයක් සවිකළ බවද පවසන තානාපති කාර්යාලය, මෙම වැඩිදියුණු කිරීම් නිසා ඉඩමේ අගය බෙහෙවින් වැඩිවී ඇති බවත්, අනාගතයේදී නොයෙක් කටයුතු සඳහා එය යොදාගැනීමේ හැකියාවක් පවතින බවත් සඳහන් කරයි.
ඒ අනුව, මෙම සියලු වැඩිදියුණු කිරීම් සමග අක්කර 400ක ඉරණවිල ඉඩම ආපසු ශ්‍රී ලංකා රජයට භාරදෙන්නේ කෘතඥතා පූර්වකව බවද තානාපති කාර්යාලය වැඩිදුරටත් පවසයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

