ඉරණතිව් නාවික හමුදා කඳවුර වසා දැමීමට හැකියාවක් නොමැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට පැවසීය. අග්‍රමාත්‍යවරයාගෙන් ප්‍රශ්න විමසීමේ අවස්ථාවේදී ද්‍රවිඩ ජාතික සන්ධාන මන්ත්‍රී එස් ශ්‍රීධරන් මහතා යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අද(08දා) ඔහු මේබව පවසා සිටියේය.
ඉරනතිව් නාවුක හමුදා කඳවුර වසා දමන්නයැයි එස්. ශ්‍රීධරන් මන්ත්‍රීවරයා එහිදී අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේය. එය කිසිලෙසක වසාදැමීමට නොහැකි බව නාවික හමුදාවෙන් තමාව දැනුවත් කර ඇති බව අගමැතිවරයා පැවසීය. එමෙන්ම දකුණු ඉන්දියාවෙන් පැමිණෙන ධීවරයන් නැවතීමට, මත්ද්‍රව්‍ය ජවාරම් මැඬලීමට මෙම නාවික හමුදා කඳවුරෙන් විශාල සේවාවක් සිදුවන බවද අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී ප්‍රකාශ කළේය.