ඉබෝලා වෛරසය ශරීරගත වූ රෝගීන් වෙත තවමත් පරීක්ෂණ මට්ටමේ පවතින ස්මැප් ඖෂධය යොදා ගැනීමේ හැකියාවක් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
බටහිර අප්‍රිකාව තුළ මේ වනවිට ඉබෝලා ශරීරගත වීමෙන් සිදුව ඇති මරණ සංඛ්‍යාව 1,000 ඉක්මවා යෑමත් සමග මෙම ඖෂධය භාවිත කර බැලීමේ සදාචාරාත්මක අයිතිය මෙසේ කතාබහට ලක්ව තිබේ.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ මූලිකත්වයෙන් එක්වූ වෛද්‍ය විශේෂඥයන් ස්විට්සර්ලන්තයේදී පැවැත්වූ සාකච්ඡාවකින් පසුව මෙම නිවේදනය ඉදිරිපත් කර තිබේ.
ලයිබීරියාව තුළ ඉබෝලා වෛරසය වැළඳුණු රෝගීන් වෙනුවෙන් මෙම ස්මැප් ඖෂධය ඇමෙරිකාවේ මැදිහත්වීමෙන් නිකුත්කර ඇති බව වාර්තා වීමද මෙම ක්‍රියාමාර්ගයට පිවිසීමට හේතුවක් බව කියැවෙයි.
එහිදී, තම රජය ඇමෙරිකාවෙන් කළ ඉල්ලීමකට අනුව මෙම ඖෂධ තොගය ලැබෙන බව ලයිබීරියාව පවසා තිබේ.