ඉබෝලා වෛරසය ශරීරගත වීමෙන් ජීවිතක්ෂයට පත්වූවන් සංඛ්‍යාව 4,000 ඉක්මවූ බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
එමෙන්ම, ඉබෝලා වසංගතය මැඬලීමට මහා පරිමාණයේ ජාත්‍යන්තර ප්රයත්නයක් පසුගිය සතිවල දියත් කෙරුණත්, ඊට ගොදුරුවූවන් තවත් 10,000ක් පමණ වාර්තා වනු ඇති බවද ලෝක සෞඛ්‍යය සංවිධානය අවධාරණය කරයි.
ලෝක සෞඛ්‍ය සංවිධානය ඉදිරිපත් කරන නවතම දත්තවලට අනුව මේ වනවිට ඉබෝලා හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූවන් සංඛ්‍යාව 4,024කි. බටහිර අප්‍රිකානු රාජ්‍යයන් වන ගිනියාව, ලයිබීරියාව සහ සියෙරා ලියෝන් යන රාජ්‍යයන් දරුණු වසංගතයක් ලෙස ඉබෝලා වෛරසයට ගොදුරු වූ රාජ්‍යයන්ය.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රකාශක වෛද්‍ය ක්‍රිස් ඩයි පවසන්නේ, මෙම රටවල රෝගීන් සඳහා අවශ්‍ය රෝහල්වල ඇඳ පහසුකම් පවතින්නේ අවශ්‍ය ප්‍රමාණයෙන් හතරෙන් එකකට පමණක් බවයි.
මේ අතර දේශ සීමා නොමැති වෛද්‍යවරුන්ගේ සංවිධානය පවසන්නේ, වසංගතය පැතිර යාම ආරම්භ වී මාස කිහිපයක් ගත වී ඇතත්, සහන සේවා කණ්ඩායම් ප්‍රමාණවත් මට්ටමින් යෙදවීමට පියවර නොගැනීමෙන් තත්ත්වය උග්‍ර වී ඇති බවයි.
මේ අතර, ගිනියා රාජ්‍යයේ ජනාධිපති ඇල්ෆා කොන්ඩේ පවසන්නේ, ලෝකය කඩිනමින් පියවර ගනිමින් සිටියත්, වසංගතය පැතිර යාමේ ඉඩ කඩද වැඩි බවයි.