ඛනිජ තෙල් සංස්ථාවෙන් ඉන්ධන හල් හිමියන්ට ඉන්ධන (පෙට්රල්) ලබාගැනීමට අපහසුවීම හේතුවෙන් ඉන්ධන හල් බොහෝමයක ඉන්ධන (පෙට්රල්) හිඟයක් ඇතිව තිබෙන බව ඉන්ධන හල් හිමියෝ පවසති.
ඉන්ධන (පෙට්රල්) ලබාගැනීමට නොහැකි වීම නිසා ඉන්ධන හල් හිමියන්ගේ ගබඩා තුළ ඉන්ධන (පෙට්රල්) අවසන්වීම හේතුවෙන් මෙසේ ඉන්ධන (පෙට්රල්) හිඟයක් නිර්මාණය වී ඇතැයි ඉන්ධන හිමියෝ සඳහන් කරති.
මේ සම්බන්ධයෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් විමසා සිටි විට එහි ප්රකාශකයෙකු සඳහන් කළේ කිසිදු ඉන්ධන (පෙට්රල්) හිඟයක් නොමැති බවයි.
මේ අතර ඉන්දීය තෙල් සමාගම විසින් ශ්රී ලංකාවට ආනයනට කළ නැවක පවතින ඉන්ධන (පෙට්රල්) මෙට්රික් ටොන් 30000ක් නියමිත ප්රමිතියට නොමැතිවීම හේතුවෙන් එය රට තුළට ගැනීමට ඛණිජ සංස්ථාව ඉඩ නොදේ.
ඉන්දීය තෙල් සමාගම තවත් නැවකින් අද වන විට ශ්රී ලංකාවට නැවතත් ඉන්ධන (පෙට්රල්) මෙට්රික් ටොන් 30000ක් ලබාදෙන බවට පොරොන්දු වුවත් එම ඉන්ධන තොගය අද ශ්රී ලංකාවට නොපැමිණීම හේතුවෙන් මෙම ඉන්ධන (පෙට්රල්) හිඟය ඇතිව තිබෙන බව දැනගන්නට තිබේ.
මේ අතර එළැඹෙන 7 වැනිදා ඉන්ධන (පෙට්රල්) තොගයක් රැගත් තවත් නෞකාවක් ශ්රී ලංකාවට පැමිණීමට නියමිතව ඇත. එම නැවද නොපැමිණියහොත් ඉන්ධන (පෙට්රල්) හිඟය තවදුරටත් උග්රවෙනු ඇතැයිද සඳහන්ය.