වරායේ සිට තෙල් ටැංකි සංකීර්ණයට ඉන්ධන ගෙන එන නළ පද්ධතිය අබලන් වී ස්ථාන 27කින් ඉන්ධන අපතේ යද්දී එය පිළිසකර කිරීමට මුදල් නොමැති බව පවසන ඛනිජ තෙල් තොග නිම සමාගමේ සභාපති තනතුරට වසර 06කදී වාහන 05ක් මිලදී ගෙන තිබියදී හයවැනි වාහනයත් මිලදී ගැනීමට අධ්යක්ෂ මණ්ඩල පත්‍රිකාවක් යොමු කර තිබේ.2006 වසරේ සිට 2011 වසර දක්වා වූ කාලයේදී සභාපති තනතුරට රුපියල් එක්කෝටි හැත්තෑ ලක්ෂයකට අධික මොන්ටෙරෝ රථ හතරක් ලබාගෙන තිබෙන අතර ඉන් මොන්ටෙරෝ තුනක් ලබාගෙන තිබෙන්නේ වර්තමාන සභාපතිවරයා සඳහාය.
මෙම මොන්ටෙරෝ රථ හතරෙන් දෙකක් මේ වනවිට අතුරුදන් වී තිබෙන අතර එහෙත් එම රථ දෙකටම ඉන්ධන සපයනු ලබන්නේ තෙල් සංස්ථාවෙන් බවද වාර්තාවේ.
මීට අමතරව වර්තමාන සභාපතිවරයාට 2013 වසරේදී රුපියල් එක්කෝටි විසි ලක්ෂයක් වටිනා බී එම් ඩබ්ලිව් කාර් රථයක් මිලදී ගෙන තිබේ.
මෙතරම් වාහන ප්‍රමාණයක් සභාපතිවරයා සතුව තිබියදීත් මේ වන විට බෙන්ස් කාර් රථයක් මිලදී ගැනීමට අවශ්‍ය අධ්යක්ෂ මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇත.