මුතුරාජවෙල ජැටියට පැමිණ තිබෙන පෙට්‍රල් නැවෙන් ඉන්ධන ගොඩබෑම ආරම්භ කර තිබේ.
මේ අනුව දැනුට මුතුරාජවෙල හා කොළොන්නාවෙ තිබෙනා ආරක්ෂිත ඉන්ධන තොග මුදාහැරීම ආරම්භ කර තිබෙන බව ඛනිජ තෙල් සංස්ථාවෙ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේය.
පැයට මෙට්‍රික්ටොන් 600ක වේගයෙන් ඉන්ධන ගොඩ බෑමට හැකියාව තිබේ. මුතුරාජවෙල ටැංකිවලට මෙට්‍රික්ටොන් 3000ක් සම්පූර්ණ වූ පසු නැවෙන් ගොඩබාන ඉන්ධන මුදාහැරීමට සැලසුම් කර තිබේ.
මේ අනුව නැවෙන් ගොඩබාන ඉන්ධන මුදාහැරීම දහවල් 1.00 පසු සිදුකිරීමට නියමිතය.