ඉන්දුනීසියාවේ ජකර්තා නුවරට ත්‍රස්ත ප්‍රහාරයක්
ඉන්දුනීසියාවේ ජකර්තා නුවර බෝම්බ පිපිරීම් කිහිපයක් හා වෙඩි හුමවාරුවක් වාර්තා වන බව විදෙස් වාර්තා පවසයි.
මධ්‍යම ජකර්තාවේ අද පෙරවරුවේ සිදුවූ මෙම පිපිරීම් මරාගෙන මැරෙන ප්‍රහාරයක් බවද විශ්වාස කෙරෙයි.
මේ අතර, ඉන්දුනීසියානු මාධ්‍යයට අනුව පිපිරීම් හයක් වාර්තා වී ඇති අතර, වෙඩි හුවමාරුවක්ද නගරයේ සිදුවූ බව සිද්ධිය ඇසිනු දුටුවෝ පවසති.
එක් පිපිරීමක් ස්ටාර්බක්ස් අවන්හල තුළ සිදුව ඇති අතර, ඉන් පසුව ආරක්ෂක අංශ එම ගොඩනැගිල්ලට ඇතුළු වන ආකාරය වාර්තා වී තිබේ.
මෙම පිපිරීම්වලින් මේ වනවිට පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවද වාර්තා වන අතර, ස්ටාර්බක්ස් අවහන්හලේ වීදුරු පිපිරී ගොස් ඇති ආකාරයද සිද්ධිය ඇසින් දුටුවෝ විස්තර කරති.
මේ අතර, ගොඩනැගිල්ල ඉහළ පුද්ගලයෙකු සිටි අතර, පොලීසිය ඔහු දෙසට ගිනි අවි මානාගෙන සිටි බවත් රොයිටර් මාධ්‍යවේදියෙකු පැවසීය.
අයි.එස්. ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයන් විසින් ඉන්දුනීසියාව වෙත ප්‍රහාරයක් එල්ල කරන බවට අනතුරු අඟවා තිබුණු බැවින් මෙය ඉස්ලාම් රාජ්‍ය අන්තවාදීන්ගේ ක්‍රියාවක් විය හැකි බවද විදෙස් වාර්තා පවසයි.



popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

