ඉන්දුනීසියාවේ සුල්වාසි දූපතේදී පුද්ගයන් 10 දෙනෙකු සමග අතුරදන් වූ කුඩා ප්රමාණයේ ගුවන් යානයක් සොයා එරට ආරක්ෂක අංශ මෙහෙයුම් දියත් කර තිබේ.
ඒවියාස්ටර් ගුවන් සේවයට අයත් ද්විත්ව එන්ජින් ගුවන් යානය මසම්බා දිවයිනෙන් ගුවන්ගත වී විනාඩි 30කින් පමණ ගුවන් යානා පාලක අංශයේ රේඩාර් තිරයෙන් ගිලිහී ගොස් ඇති අතර, යානය මක්කස්සාර් ගුවන් තොටුපොළ වෙත ගොඩබෑමට නියමිතව තිබුණි.
යානය සෙවීම සඳහා නියමුවාගේ හා මගීන්ගේ ජංගම දුරකථන සංඥා උපයෝගී කරගන්නා බවත්, යානය කඳුකර පෙදෙසකට කඩා වැටී ඇති බවට විශ්වාස කරන බවත් බලධාරීන් පවසයි.
ගුවන්යානා ආරක්ෂාව සම්බන්ධයෙන් ඉන්දුනීසියාවේ එතරම් යහපත් වාර්තාවන් නොමැති බවද විදෙස් වාර්තා පවසයි.