සිය ශ්‍රී ලංකා සංචාරයේදී ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර පවතින සබඳතා ශක්තිමත් වෙනු ඇතැයි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසයි.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරය එළැඹෙන 13දා ආරම්භවීමට නියමිත අතර ඒ පිළිබඳව සිය ට්විටර් ගිණුමෙන් අදහස් දක්වමින් ඔහු මෙම අදහස් දැක්වීය.
තමන් ශ්‍රී ලංකා සංචාරය ආරම්භකරන්නේ සතුටින් බවත් ඔහු පවසයි.
1987 වසරේදී හිටපු ඉන්දීය අග්‍රාමාත්‍ය රජව් ගාන්ධි මහතා ශ්‍රී ලංකාවේ කළ සංචාරයෙන් පසුව ඉන්දීය අග්‍රාමාත්‍යවරයෙක් ශ්‍රී ලංකාව් සිදුකරන පළමු සංචාරයද මෙය වෙයි.