ඉන්දු- ලංකා සබඳතා නව මානයකට
ඉන්දියාව සමග පවතින දේශපාලන සම්බන්ධතාවලට එහා ගිය සුහදතාවක් ඉදිරියේදී ඉන්දියාව සමග ඇති කර ගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
නොමිලේ ලබාදෙන අංග සම්පූර්ණ පූර්ව රෝහල් සත්කාර සහිත ගිලන්රථ 108ක් ජනතා අයිතියට පත්කිරීම වෙනුවෙන් අද (26දා) ගාලු මුවදොර පිටියේදී පැවති උත්සව අවස්ථාවට සහභාගිවෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
යහපාලන ආණ්ඩුවේ පොරොන්දුවක් ඉටුකරමින් දකුණු පළාත කේන්ද්‍රකර ගනිමින් මෙම ගිලන්රථ සේවාව ආරම්භ කරන බවත්, ඉදිරි සතිදෙක තුළ එම සේවාව බස්නාහිර පළාතටත් ව්‍යාප්ත කරන බවද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.
ඉන්දියාවේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ අනුග්‍රහය මත මෙම සේවාව ක්‍රියාත්මක වන බවද හෙතෙම පවසා සිටියේය.
හෙට (30දා) සිට දකුණු පළාතේ ජනතාවට නොමිලේ ගිලන්රථ සේවාව ලබාගැනීමේ අවස්ථාව හිමි වන අතර, හදිසි අනතුරකදී ගිලන් රථ ගෙන්වා ගැනීම සඳහා ගාස්තු අයනොකරන 1990 හදිස්සි දුරකථන අංකය ඔස්සේ අදාළ සේවා ස්ථාන සම්බන්ධ කර ගත හැකිය.
ඡායාරූප ඉසුරු පෙරේරා
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

                    
                    







































                                
                                
                                
                                
 
                                                
                                                
                                                
                                                
                                                
                                                