ඉන්දු-ලංකා ධීවර සාකච්ඡා හෙට කොළඹදී
ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර පවතින ධීවර ගැටලුව විසඳීමට අදාළව අලුතෙන් ආරම්භ වූ ඉන්දු - ලංකා ධීවර සාකච්ඡාවේ දෙවැනි වටයේ සාකච්ඡා හෙට (02දා) කොළඹදී පැවැත්වීමට නියමිතය.
මේ සඳහා ඉන්දීය රජය නියෝජනය කරමින් එරට කෘෂිකර්ම හා ගොවි සුභසාධන කටයුතු අමාත්‍ය රාධා මොහාන් සිං මහතා ප්රමුඛ 11 දෙනෙකුගෙන් සමන්විත නියෝජිත පිරිසක් එක්වෙති.
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ධීවර අමාත්‍ය මහින්ද අමරවීර, ධීවර රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි, පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන්, ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි සහ නාවික හමුදා නිලධාරීහු ඇතුළු 15 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් සහභාගී වෙති.
ඉන්දු ලංකා ධීවර ගැටලුව අවසන් කිරීම සඳහා වන විසඳුමක් සෙවීම සාකච්ඡාවන්හි අරමුණයි. ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර පැවැති පළමු ධීවර සාකච්ඡාව පසුගිය නොවැම්බර් මස ඉන්දියාවේ නවදිල්ලි නුවරදී පැවැත්විණි. එහි දෙවැනි වටය අද කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පස්වරු 02 ට පැවැත්වීමට නියමිතය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
