ඉන්දියාව හා පාකිස්තානය අතර පැවැත්වීමට නියමිත එක්දින හා විස්සයි 20 ක්‍රිකට් තරගාවලිය පැවැත්වීමට ඇත්තේ අවම ඉඩක් බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති අනුරාග් ඨාකූර් මහතා පවසයි.
මෙම තරගාවලිය ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතව තිබුණත් ඉන්දීය කණ්ඩායම එළැඹෙන ජනවාරි මස 12දා ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයකට එක්වෙන බැවින් ඊට ප්‍රථමව තරගාවලියට සංවිධානය කිරීමට ඇත්තේ අවම ඉඩක් බවද ඔහු සඳහන් කරයි.
කෙසේ වෙතත් මේ පිළිබඳව අවසන් තීරණය මෙම සතිය තුළදී ප්‍රකාශ කිරීමට නියමිත බවද ලේකම්වරයා පෙරේදා (19දා) පවසා තිබේ.