උතුරු මුහුදු සීමාව ඉන්දීය ධීවරයන් සිදුකරන නීතිවිරෝධී ධීවර කටයුතු නවතා දමන ලෙස ඉල්ලා අද (24දා) ජනාධිපතිවරයාට, අගමැතිවරයාට හා මෙරට ඉන්දීය මහකොමසාරිස්වරයාට සංදේශයක් බාරදෙන බව ජාතික ධීවර මහා සම්මේලනය සඳහන් කරයි.
බම්බලපිටිය දුම්රිය පොළ ඉදිරිපිට සිට ධීවර ජනතාව පාගමනින් පැමිණ මුලින්ම අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට මෙම සංදේශය බාරදෙන බවත්, ඉන් පසුව ධීවර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සමග ගොස් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට හා ඉන් පසුව මෙරට ඉන්දීය මහ කොමසාරිස්වරයාටත් මෙම සංදේශය බාරදෙන බව එම සංවිධානයේ නියෝජිතයෝ සඳහන් කරති