හෙට (13 දා) කොළඹදී පැවැත්වීමට නියමිත ඉන්දු - ලංකා ධීවර සාකච්ඡා සඳහා ඉන්දීය ධීවරයන් පැමිණෙන්නේ දැනට ශ්රී ලංකා අත්අඩංගුවේ පසුවන ඉන්දීය ධීවරයන් නිදහස් කිරීමෙන් පසුව බව තමිල්නාඩු වාර්තා උපුටා දක්වමින් ‘ද හින්දු’ පුවත් සේවය සඳහන් කරයි.
දෙරටේ පවතින ධීවර ගැටලුව නිම කිරීම සඳහා හෙට පැවැත්වීමට නියමිත දෙවැනි වටයේ සාකච්ඡා සඳහා ඉන්දීය ධීවරයන් අද (12දා) දිවයිනට පැමිණීමට නියමිතව තිබුණි. නමුත් ශ්රී ලංකාවට පැමිණීම පිළිබඳව අවසන් තීරණයක් මේ වනවිටත් ඉන්දීය ධීවර නියෝජිතයන් විසින් ගෙන නොමැති බව හින්දු පුවත්පත් සේවය සඳහන් කළේය.