ශ්රී ලංකාව තුළ ඇතිව තිබෙන පෙට්රල් අර්බුදය සම්බන්ධයෙන් ලංකාවේ ඉන්දීය තෙල් සමාගමට (LIOC) එල්ල වී ඇති චෝදනා ඔවුන් ප්රතික්ෂේප කරයි. ඔවුන් කරන්නේ ශ්රී ලංකාවේ ඉන්ධන වෙළඳපොළෙන් තමන්ට හිමිව ඇත්තේ 16%ක වෙළඳපොළ කොටසක් බවත් ඛණිජ තෙල් සංස්ථාවට 84%ක වෙළඳපොළ කොටසක් හිමිව ඇති බවයි.
"ශ්රී ලංකාව පුරා ඇති ඉන්ධන හිඟය ශ්රී ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ බෙදා හැරීම් හේතුවෙන් පැනනැගුණ තත්ත්වයක්. නමුත් ශ්රී ලංකාවේ ඉන්ධන වෙළඳපොළේ වගකිවයුතු පාර්ශ්වයක් වශයෙන් ඇති වී තිබෙන මෙම ගැටලුව හැකි ඉක්මනින් අවසන් කිරීමට අප කටයුතු කරනවා."
තම සමාගම පසුගිය 16දා පෙට්රල් මෙට්රික් ටොන් 35000ක නැවක ශ්රී ලංකාවට ආනයනය කළත් එම ඉන්ධන තෙගයේ ගැටලුවක් හේතුවෙන් රට තුළට ගැනීම ප්රතික්ෂේප කළ බවත් ඔවුන් පෙන්වා දෙයි.
"ඉන්ධන තොගය ප්රතික්ෂේප වූවාට පසුව ඉන්දීය තෙල් සමාගමට කළ හැකි දෙයක් නෑ. නැවතත් ශ්රී ලංකාවට ඉන්ධන කෙදිනක ගෙන එනවාද යන්න ඉන්ධන ලබාදුන් සමාගම (ප්රංශ) තිරණය කළ යුතුයි "