ඉන්දියාවේ වඩාත් ප්‍රකට මෝටර් රථයක් වන ඇම්බැසඩර් හි වෙළෙඳ නාමය එම රථ නිෂ්පාදනයේ යෙදුණු හන්දුස්ථාන් මෝටර්ස් සමාගම විසින් ප්‍රංශයේ පර්ජෝ සමාගම වෙත විකුණා තිබේ.
ඇ.ඩො.මිලියන 12කට මෙම ගනුදෙනුව සිදුවී ඇති අතර, මෙම ඇම්බැසඩර් මෝටර් රථ එරට රජයේ අමාත්‍යවරුන් අතර වඩාත් ගෞරවාන්විත මෝටර් රථයක් ලෙස ප්රකටව පවතී.
කෙසේ වෙතත්, වර්ෂ 2014 සිට ඇම්බැසඩර් රථ නිෂ්පාදනය නවතා දමා තිබුණි.
මෙම නව අත්පත් කරගැනීමත් සමග පර්ජෝ සමාගම විසින් එම වෙළෙඳ නාමය යළි ප්‍රාණවත් කරනු ඇතිද යන්න මෙතෙක් පැහැදිලි නැත.
දශක තුනක කාලයක් ඉන්දියාවේ වැඩිම අලෙවියක් ප්‍රකට කළ මෝටර් රථය ලෙස ඇම්බැසඩර් මෝටර් රථය කරළියේ පැවතුණි.
පර්ජෝ මෝටර් රථ සමාගමටද ඉන්දියාව සමග කුළුපග මිතුදමක් පවතින අතර, ඔවුන් ඉන්දියාවේ ආර්ථිකය විවෘත කිරීමෙන් පසුව එරටට මුලින්ම පැමිණි විදේශීය මෝටර් රථ සමාගම් කිහිපය අතරින් ප්රමුඛ සමාගමකි.