ඉන්දීය ඇමතිගේ අභාවය ගැන මෝදිට ජනපතිගෙන් ශෝක පණිවුඩයක්
ඉන්දීය නව රජයේ ග්‍රාමීය සංවර්ධන අමාත්‍ය ගෝපිනාත් මුන්ඩේ මහතාගේ අභාවය සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා වෙත ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ශෝක පණිවඩුයක් යවා තිබේ.
සිය අත්සනින් යුතු ලිපියකින් ජනාධිපතිවරයා හිටපු අමාත්‍යවරයාගේ සේවය අගය කර ඇත. පසුගිය අඟහරුවාදා (3දා) හදිසි අනතුරකින් මුන්ඩේ අමාත්‍යවරයා සිය දිවියෙන් සමුගත්තේය.
දුරදක්නා නුවණින් යුතු නායකයෙකු ලෙස සිය දේශපාලන දිවිය පුරා තම ජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් ඇපකැප වී ක්‍රියාකළ පුද්ගලයෙකු ලෙස ගෝපිනාත් මුන්ඩේ අමාත්‍යවරයා හැඳින්විය හැකි බව ජනාධිපතිවරයා සිය ශෝක පණිවුඩයෙන් පෙන්වා දී ඇත.
මෝදි අගමැතිවරයා සිය ධුරයේ දිවුරුම් දුන් දිනයේදී මුන්ඩේ අමාත්‍යවරයාගේ හමුවීම සිහිපත් කරන ජනාධිපතිවරයා තම බලවත් ශෝකය අගමැති මෝදි වෙත පළ කර තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

