ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක, කපිතාන් ප්‍රකාශ් ගෝපාලන් මහතා ඊයේ (15 දා) අමාත්‍යංශ පරිශ්‍රයේදී ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා හමුවිය.
මෙහිදී කපිතාන් ප්‍රකාශ් ගෝපාලන් මහතා සහ රාජ්‍ය අමාත්‍යවරයා අතර ද්විපාර්ශවීයව දෙරටට වැදගත් වන කරුණු පිළිබඳව සුහද සාකච්ඡාවක් පැවැත්විණ. හමුව අවසානයේ සුහදතාවය පළකරමින් සමරු තිළිණ හුවමාරුවක්ද සිදුවිය.
