අන්තර්ජාතික වෙළෙඳ පොළ තුළ ශ්‍රී ලාංකේය තේ සඳහා නව වෙළෙඳ පොළක් ඇති කරගැනීම සඳහා අවස්ථාවක් ලබාගැනීමට රටවල් කිහිපයකට ඇමතිවරුන් පිටත්කර යැවීමට බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (03දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
ඒ යටතේ පාකිස්තානය, ඉන්දියාව, ඉරානය, තුර්කිය, ඇමෙරිකාව යන රටවලට ඇමතිවරුන් පිටත් කරන අතර, චීනයට සහ යුරෝපයට %සිලෝන් ටී^ අලෙවිය පිළිබඳ නව වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන බවද අග්‍රාමාත්‍යවරයා කීය.
ඒ හරහා ඉන්දියාවට තේ ටොන් 10,000 ක් අපනයනය කිරිමට බලාපොරොත්තු වන බවද අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
තවද මුදල් අමාත්‍යාංශය මගින් තේ මණ්ඩලයට රුපියල් බිලියනයක මුදලක් ලබාදුන් බවත්, තේ පිළිබඳව මධ්‍යකාලීන වැඩසටහනක් ඉදිරිපත් කිරීමට රජය බලාපොරොත්තු වන බවත්ඔහු කීය.
පසුගිය ආණ්ඩුව යුරෝපීය සහ අනිකුත් තේ වෙළෙඳ පොළ පිළිබඳව අවධානය යොමු නොකළේ ඇයිදැයියන්න සහ තේ අලෙවිය සඳහා රුසියාවට යොමු වූයේ මන්දැයි යන්න ගැටලු සහගත බවද අග්‍රාමාත්‍යවරයා පැවසීය.
තවද කුඩා තේ වතු කර්මාන්ත ශාලා පිහිටුවීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමටද රජය අරමුණු කරගෙන ඇතැයි අගමැතිවරයා සඳහන් කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා විසින් පාර්ලිමේන්තුවේදී නගන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලෙස අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසීය.
මෙහිදී මාතර තේ කර්මාන්ත ශාලා හතරක් වැසීගොස් ඇති අතර, මහා පරිමාණ උද්ඝෝෂණ පැවැත්වෙන බව ඩලස් අලහප්පෙරුම මහතා පාර්ලිමේන්තුවට දන්වා සිටියේය.
නමුත් මෙහිදී වැවිලි කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් වසන්ත මහතා පැවසුවේ කිසිදු තේ කර්මාන්ත ශාලාවක් වසා දමා නොමැති බවයි.